සොයන්න

Monday, June 6, 2011

Abstract with L110




සර්........


2010/07/10 දින මදියම් ‍රැය පසුවී හෝරා 2ක් පමන ගතවූ මොහොතක........
වකුගඩු අසනීපයක් හේතුවෙන් අපගෙන් සදහටම වෙන්වී ගිය අපගේ රත්නරාජන් මහතාගේ වකුගඩු බද්ද කිරීමේ සැත්කම සිදුවන මොහොතේදී කොළඹ මහ රෝහල්  ශල්‍යාගාරය ඉදිරිපිටදී...........
ඔබ නොමැති පාඩුව අද ද අත් දකින අප ගේ උත්තමාචාරය ඔබ අපට දුන් දැනුමට හා සේවයට මෙසේ පිරිනමමු.

තවත් පැතුමක්.........

තනි තරුව නුඹද  දහසක් තරු අතරේ
එනමුදු එලිය වැඩියි...
තනිවෙන්නෑ නුඹ සැමදා අඹරේ
තරු කුමරියක වඩියි...

 සෙනෙහස අරගෙන
 කවිකම් පොදි බැඳ
 නුඹේ හදවතේ තනිය මකා...
 ඔහුත් මාත් අපි නුඹ අසලින්මයි
 කෙදිනක හෝ ඈ වඩින තුරා...

නුඹේ ලොවේ හිමි කිරුල දරන්නට
තරු කුමරිය හෙට වඩින තුරා...
දිලෙන තරුව වී එළිය දෙන්න අද
එයයි නුඹට පින් සසර පුරා...

  -ඉරේෂා-

Friday, June 3, 2011

පැතුමක්.....

පුදුමයක් උනා...නුඹ මැවූ දසුන්
ඉ‍ටුවෙන්න උනා.... මා පැතූ පැතුම්
වාසන ගෙනා.... බැන්ද සොයුරු දම්
නොඉවසිලි උනා...ඉගෙනීමට මහඟු තැන්
 දැනුම් ගඟ පුළුල් කරගන්න
 පිහිනන්න නොදන්නෙමි මං
 නුඹයි නුඹේ සගයයි
 පාර කියන ඉ‍ටු දෙවියන්ය දැන්
sinthatic sihinaya ට ගොඩවෙන්න
මා සිහින සැබෑ කරදෙන්න
නුඹෙ සිහින සින්තටික් නොවන්නට
පතමි මම පැතුමන් මෙන්න.......
ඉරේෂා

Saturday, May 7, 2011

Broken Angel

අකුරු කොටන්න හිතුන දවසක්.....

බ්ලොග් එකක් පටන් ගත්තෙ හිතට එන ඕනම දයක් ඒකෙ අකුරු කරනව කියල හිතාගෙන. ඒත් දැන් මගෙ බ්ලොග් එක තනිකරම ෆොටෝ බ්ලොග් එකක් වෙලා ඉවරයි.
එක අතකට ඒකත් නරකම නෑ ....... අනික හිතෙන හිතෙන හැම දේම අකුරු කරන්න ගියොත් මට දවසත් මදි වෙයි......බලන අයට පිස්සු හැදිල ආයෙත් හැදෙයි..........
X කිරන අතරෙ දවස ගෙවෙනකොට අකුරු කොටන්න වෙලාවක් ඉතිරි වෙන්නෙත් නෑ.