සොයන්න

Thursday, July 26, 2012

ගතට නුහුරු ඔසරි පටින්
සැරසී නුඹ බිම බලාන
ඇවිදින් මට සුභ පැතුවේ
කෝලෙන් වුව මුව පුරාම
දු‍ටු විගසින් පෙම් බඳින්න
නොසිතුව මුත් නුඹ කෙරේම
හිත තාමත් හමුවුනු තැන
ලැගුම් අරන් මට හොරාම......

Monday, September 12, 2011

පාන්දර...........

ගින්දර මොලවන පාන්දර දෙවුන්දර
අන්දර වැට ළඟ ඉඳගෙන සුන්දර
රසකර කියන්න ආදර කතන්දර
පෙම්බර සොඳුර නැතුව නිදිබර
දුම්බර වනපෙතේ පිහිටි කඳුකර
පිනිබර උදෑසන ගී ඇසේ මනහර
ඵල බර වෙලා තුරු ලතා නාඹර
දිනකර පායලා එළිය දේ සුවබර
මල්වර ගෙවිලියන් මල් නෙළන අතරතුර
නිළඹර වැනුවෙ පිරිවර ගැටවර
මන්දිර වෙත ගොසින් නිවන්න තුන්දොර
පියවර නැඟුවෙ සැමදෙන එකවර

සඳ නැති දාට .......

සඳ නැති දාට තරු දිලිසේවි
පාළු නෑ අහස් තලේ
නුඹ නැති දාට කවුරු හිනැහේද
පාළු මගෙ ජීවිතේ........

සීතල ගේන මීදුම් බාන
සැන්දෑ සුළං රොදේ
සුවඳක් දෙන්න මතකයෙ තියෙන
අප ගෙවු අතීතයේ........

කවියක් වෙන්න මුවගින් නැ‍ඟෙන
දෙසවන පුරා ‍රැඳී
නෙතු සනසන්න නුඹ යලි එන්න
සිහිනෙන් වත් පෙනී.......

Sunday, August 28, 2011

සීත මෝසම් .............

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්   
හඬ රුම් රුම්  සිත සං සුං
නෑ මා හදේ සන්තාපේ...... දැන් ඉන්නේ මා සන්තෝසේ
ගුම් ගුම් ගුම් ගුම් නාදේ
නිම්නාද වේ ගී රාවේ.........


for your birth day.............
specialy Janaka my bro and Tashi
(Janaka-25/08
Tashi-27/08)