සොයන්න

Monday, September 12, 2011

පාන්දර...........

ගින්දර මොලවන පාන්දර දෙවුන්දර
අන්දර වැට ළඟ ඉඳගෙන සුන්දර
රසකර කියන්න ආදර කතන්දර
පෙම්බර සොඳුර නැතුව නිදිබර
දුම්බර වනපෙතේ පිහිටි කඳුකර
පිනිබර උදෑසන ගී ඇසේ මනහර
ඵල බර වෙලා තුරු ලතා නාඹර
දිනකර පායලා එළිය දේ සුවබර
මල්වර ගෙවිලියන් මල් නෙළන අතරතුර
නිළඹර වැනුවෙ පිරිවර ගැටවර
මන්දිර වෙත ගොසින් නිවන්න තුන්දොර
පියවර නැඟුවෙ සැමදෙන එකවර

සඳ නැති දාට .......

සඳ නැති දාට තරු දිලිසේවි
පාළු නෑ අහස් තලේ
නුඹ නැති දාට කවුරු හිනැහේද
පාළු මගෙ ජීවිතේ........

සීතල ගේන මීදුම් බාන
සැන්දෑ සුළං රොදේ
සුවඳක් දෙන්න මතකයෙ තියෙන
අප ගෙවු අතීතයේ........

කවියක් වෙන්න මුවගින් නැ‍ඟෙන
දෙසවන පුරා ‍රැඳී
නෙතු සනසන්න නුඹ යලි එන්න
සිහිනෙන් වත් පෙනී.......

Sunday, August 28, 2011

සීත මෝසම් .............

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්   
හඬ රුම් රුම්  සිත සං සුං
නෑ මා හදේ සන්තාපේ...... දැන් ඉන්නේ මා සන්තෝසේ
ගුම් ගුම් ගුම් ගුම් නාදේ
නිම්නාද වේ ගී රාවේ.........


for your birth day.............
specialy Janaka my bro and Tashi
(Janaka-25/08
Tashi-27/08)

Saturday, August 27, 2011

එක් අහිංසක පැතුමක්

එක් අහිංසක පැතුමක්
පාවී ගියා හිස් අහසේ........
තබා මගෙ සිත
නොපෙනෙන අනන්තේ.........

Monday, August 22, 2011

අවසරයි ඔබට.........

අවසරයි ඔබට..........පෙර දිනක සිහිනයක් ලෙසින් සැබෑ වී, ඉතාමත් ආරක්ශිතව මා ගෙන ආදරෙන් හා ආඩම්බරෙන් ඔබ මොබ ඉගිලී, අලුත් සිහිනයට පියවරක් ලෙසින් සමුගෙන යන්නට.

Sunday, July 24, 2011

සිහිනයක්....



සින්තටික් නොවන්නට පතනා සිහිනයක්....
චීනය සහ ජපානය අතර තරඟයක්......
(අම්මේ තාත්තේ මේ තරඟය ඉවර වුනු දාක මම කවදා හරි ඔයාලව මගේම වාහනයක දාගෙන යනවාමයි)