සොයන්න

Monday, June 6, 2011

තවත් පැතුමක්.........

තනි තරුව නුඹද  දහසක් තරු අතරේ
එනමුදු එලිය වැඩියි...
තනිවෙන්නෑ නුඹ සැමදා අඹරේ
තරු කුමරියක වඩියි...

 සෙනෙහස අරගෙන
 කවිකම් පොදි බැඳ
 නුඹේ හදවතේ තනිය මකා...
 ඔහුත් මාත් අපි නුඹ අසලින්මයි
 කෙදිනක හෝ ඈ වඩින තුරා...

නුඹේ ලොවේ හිමි කිරුල දරන්නට
තරු කුමරිය හෙට වඩින තුරා...
දිලෙන තරුව වී එළිය දෙන්න අද
එයයි නුඹට පින් සසර පුරා...

  -ඉරේෂා-

No comments:

Post a Comment